අලි – මිනිස් ගැටුම තුරන් වෙන්න යැයි සිතා අධිෂ්ඨාන පූජාවක්

මේ වන තෙක් මියගිය අලි ඇතුන්ට පිං අනුමෝදන් කිරීම හා අග්බෝ ඇතා සහ සීතා ඇතින්න ඇතුළු තුවාල ලැබූ අලි ඇතුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

වනඅලි පහරදීම්වලින් මියගිය ජනතාවටත් මෙහි දී පින් අනුමෝදන් කෙරුණු අතර අලි මිනිස් ගැටුම සම්පූර්ණයෙන් ම තුරන් වී සියලු සත්ත්වයාට එක සේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන ලෙසයි මෙම පූජාවේ දී ඉල්ලා සිටියේ.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් රාජකීය පණ්ඩිත කට්ටකඩුවේ සුමනරතන හිමි, මාපිය වැඩසටහනේ නිර්මාතෘ පූජ්‍ය වෑවල සීලරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකම සඳහා ක්‍රෙයා ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පරිසර සංවිධාන සහ සත්ත්ව සංවිධාන කිහිපයක ජනතාව එක් ව සිටියා.

WhatsApp Image 2023 10 13 at 11.00.38