අලි මිනිස් ගැටුම් වළක්වන්න අලුත් යෝජනාවක්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීමෙන් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීමට පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු වන අලින්ගෙන් සිදුවන බලපෑම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඔවුන් සම්බන්ධ කළ හැකි බව ද ඇය ප්‍රකාශ කළා.

අමාත්‍යවරිය මෙම ප්‍රකාශ සිදු කළේ පාර්ලිමේන්තුවේදී පැවති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අලි මිනිස් ගැටුම් වැළැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටළුවලට පිළිතුරු ලබාදෙමින්.

අලි-මිනිස් ගැටුම් වැළැක්වීමට දැනටමත් යොදවා සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අඛණ්ඩව සේවයේ යෙදෙන අතරම ඉහත බහුකාර්ය නිලධාරීන් බඳවා ගන්නේ නම් අලි ගම්වැදීම වැළැක්වීම සඳහා දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම්ද සිදු කළ හැකි බව මන්ත්‍රීවරු සඳහන් කළා.

එසේම, පෞද්ගලික ඉඩම් ඇතුළු ස්ථානවල වගා කර ඇති පයිනස් දැව කැපීමට ඇති බාධා පිළිබඳවද මන්ත්‍රීවරු අමාත්‍යවරියගේ අවධානයට යොමු කර තිබෙනවා. පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සදහා අවධානය යොමුකරන බවයි ඇය මෙහිදී සඳහන් කළේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදුකරමින් පවතින නව වනාන්තර සීමා නිර්ණය කිරීම හේතුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (LRC) අයත්ව තිබූ ඉඩම්වල කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයින්ට බලපෑම් එල්ල වී ඇති බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05