මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැරේදී අලි කිහිප දෙනෙකු කුලප්පු වීමට හේතුව අනාවරණ වී තිබෙනවා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අලි භාරකරුවන් ඇත්ගොව්වන් මෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුල් පාර්ශව කිහිපයක් එක්ව අද පැවති සාකච්ඡාවකදීයි.
මහනුවර පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් පස් දෙනෙකු කලබලයට පත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට සහ යළි එවැනි සිදුවීමක් නොවන්නට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහර සංවිධායක මණ්ඩලය හා ඇත් ගොව්වන් අතර අද දළදා මාලිගාවේ මෙම සාකච්ඡාව පැවැත්වුණා.
දෙවන කුඹල් පෙරහරේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අලියාගේ හස්ති පාලක වන අශෝක චන්ද්‍රසිරි මහතා සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළා.
“දළදා පෙරහරේ කතරගම දේවාල පෙරහරේ කරඬුව වැඩම කරන හස්තියා සමඟ වම් පසින් දෑලේ ගමන් ගත් අලියා පත්තිරුප්පුව ඉදිරිපිටට එනතෙක්ම ඉතා ශාන්තව ආවා. ඒ ඉදිරිපිට පඩි පෙළ නැග දළදා වීදියට ප්‍රවිශ්ඨ වෙත් දී අලියා වැව අද්දර යකඩ වැටට එහායින් වාඩිවී පෙරහර නරඹමින් සිටි ජනතාව දෙසට හොඬය දාලා ඉව ඇල්ලුවා. ඒත් එක්කම එතන හිටිය ළමයෙක් පිඹිනවිට කොටසක් දිග ඇරෙන නළාවක් පිම්ඹා. ඒකේ ශබ්දයත් එක්කම නළාවේ ඉදිරි කොටස අලියගේ හොඬයේ වැදුණා. අලියා බය වෙලා පැත්තකට හැරෙද්දී එයාගේ ඔළුව කරඬුව වැඩම කළ අලියා ගේ ඔළුවේ වැදුණා. ඒත් එක්කම කලබල වූ අලියා වීදිය දිගේ ඉදිරියට දිව ගියා”
“දෙවන කුඹල් පෙරහරේ දී මුලින්ම කලබලයට පත්වුණේ ගල්මඩුල්ල පන්සලේ රත්න අලියායි. මේ අලියා අවුරුදු 25ක් පමණ පෙරහරේ ගමන් කරනවා. කලබලයක් නැති කිසිම කෙනෙකුට හානියක් නොකරන සතෙක් මෙයා. කතරගම පෙරහරේ දෑල ගමන් ගත්තේත් මෙයා. වැව අද්දර දිගේ ජනතාව ඉටි කොළ එලාගෙන යකඩ වැට ළඟින්ම ඉන්නවා. ඒ පැත්තේ කෙළවරේ යන අලි හොඬය ඒ දෙසට යොමු කරනවා. ඒ වෙලාවේ තමයි කුඩා ළමයා පිඹපු නළාවේ ඉදිරි කොටස හොඬ ඇඟිල්ලේ වැදුණේ. ඉදිරියට දිවගිය අලියා පිටේ සිටි දෙන්නා ගෙන් එක් කෙනෙක් මම බස්ස ගත්තා. අනෙක් කෙනා පහළට පැන්නා. කාටවත් මේ සිද්ධිය නිසා අනතුරක් වුණේ නැහැ. පෙරහර ආසන්නයේ ඉඳලා සමහරු නළා පිඹිනවා. තවත් අය ලේසර් කිරණ අල්ලනවා. ජංගම දුරකතන වල ෆෑලෑෂර් එක අල්ලනවා. මේවා නිසා සමහර අලි කලබල වෙනවා. සමහර අලින්ට මේවා හුරුයි.”
දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා..
“පෙරහර වීදී සංචාරය කරන අවස්ථාවේ ලොකු ශබ්ද කරන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහනුවර පෙරහරේ දී අලි කුලප්පුවක් සිදුවුණේ නැහැ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. එක අලියෙක් බය වෙලා දිව්ව නිසා තවත් අලි කිහිප දෙනෙක් කලබල වුණා. කලබල වූ අලි හතර දෙනෙක් අල්ලලා බැඳ දැමුවා. එම අලි ඉවත් කරලා පෙරහර වීදී සංචාරය කළා. ඇත් ගොව්වන්ට හෝ ජනතාවට කිසිදු පහරදීමක් වෙලා නැහැ. කලබල වී නොසන්සුන් ලෙස හැසිරුණු සියලු අලි ඇතුන්ට විවේකයක් ලබා දුන්නා. අපි පෙරහරට අලි ගේන්නේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරලයි. පෙරහර ආවට පස්සෙත් පරීක්ෂා කරනවා. මේ වගේ සිදුවීම් ඕනතරම් වෙනවා. ජනතාවට කලබල වෙන්න එපා කියලයි අපි ඉල්ලන්නේ. මෙතන අලි කුලප්පු වුණේ නෑ. කලබල වීම විතරයි වුණේ කියලා මම වගකීමෙන් කියනවා. “














PERAHERA KIYANNEMA DALADHA WAHANSETA MINISUN KARANA GAWURAWANEEYA POOJAWAK, EKE YANA KASA, HEWISI, NATUM, GAYUM, NILQAMEWARU OKKOMA NIYOJANAYA KARANNE DEVIYAN SAHA RAJUN KALA UPAHARAYAN. EYI WAGEMA MEYA DALADAWA REKA GANNA DEVIYAN UDESA KARANA SHABDHA POOJAWAK. ITHIN MEKATA WENA EWUNGE SHABDHA ONE NAHE NEDHA. MEWA BALANNA YANA MINISSU KARANNA ONA NIHANDAWA GARU KARAMIN. MEW PODI DARUWANTA KIYALA DENNA ONA MAHA EWUN. UN BEEGENA PISSU KELAGENA ENAWA. DARUWA NALAWA PIMBE BHAYATA WENNA ATHI. OYA NALA WIKUNANNE PODI PODI PAVEMENT BUSINESS KARAYO WAGEMA KOLAMBIN GIYA AYA. LASER LIGHT GENIYANA UNWA ALLAL REYAK ELIWENATHURU POLICE KUDUWE DANNA ONA. MEHEMA KARANNA ANYA AGAMA KARAYO SAHA SATHWA AYITHIWASIKAM NGO KARAYO. MEHEMA KULAPPU UNAMA AYE NOGENIYANNA
Ali ethics ge saukya holding pariksakarnawan vasara kihipayakata pera perehera giya awurudu 67 paman bohoma durwala aliyaku ta perehera yanna awasara Dunne keseda. Ema aliya pathiruppuwa asaha bima vethiree sitina chayarupayak madya hara pakawuna. Ema sathage shareera etakatu godak bawa penenuna.