අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් ගැන අධිකරණයෙන් නියෝගයක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර ඇති නඩුව විභාග කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ස්වාභාවික හා සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සමකට අදාළ මෝසමක් අද (07) කැඳවීමෙන් පසු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී ඒ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් සඳහන් කළේ ලියාපදිංචි නොකළ අලි ඇතුන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවරා ඇති නඩුවට අදාළව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇති අලි ඇතුන් මුදා හැරීම වළක්වමින් මීට පෙර අභියාචනාධිකරණය ද නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේහමුවේ එම අලි ඇතුන්ගේ හිමිකරුවන් බව කියන පුද්ගලයින් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් එම ඉල්ලීම නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින නඩුව විභාග කිරීම වහාම අත්හිටුවීමට නියෝග කළ අතර එම නඩු ගොනුව ද ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කළා.

මෙම නඩුකරයට අදාළව ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙස ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කෙරුණා.

එසේම මෙම නඩුකරයට අදාළ ව මීට පෙර නිකුත් කළ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සියලුම නියෝග පෙත්සම් විභාගය අවසන් වන තෙක් අත්හිටවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නියෝග කළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56