අලි අගල් කැපීමට එරෙහි තහනම තවත් දීර්ඝ වෙයි

අලි මිනිස් ගැටුම වැළැක්වීමේ අරමුණින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී බලධාරීන් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය මාර්තු මස 6 වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම වැඩපිළිවෙලට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ එම පැමිණිල්ලට අදාළව කරුණු අධ්‍යනය කරමින් සිටින බවත් ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම 2024 මාර්තු මස 06 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දැනුම් දෙන ලෙසටයි වගඋත්තරකරුවන්ට නියෝග කළේ.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ කියා සිටින්නේ අලි මිනිස් ගැටුම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට යෝජනා කර තිබෙන අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් විශාල පාරිසරික හානියක් සිදුවන බවයි.

එබැවින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

  1. ME MODA HU..LA KISIMA DEYAK KARANNA DENNE NAHE. EKKO SATHWA AWIHINSA, NATHINAM MANAWA HIMIKAM, NATHINAM PARISARA CASE DALA OKKOMA KADA KAPPAL KARANAWA. YAKO WAR EKA KALAYE AGAL BOMBA, MARA UGUL, HEMA THANAMA ATEWWA NE, THOPI KOHEDHA EDHA HITIYE? MINISSU RAKILA INNA ONA NEDHA, GOVIYO SAHA WAGAWAN ARAKSHA WENNA ONA NEDHA, DARUWO GENU AHARA ALINGEN RAKENNA ONA NEDHA. ALINTA MINISSUNTA WADA AYITHIYAK THIYENAADHA. ME BURU HATHTHA HEMA EKATAMA NADU DANAWA. GARU USAWIYATATH MEWATA KARANNA DEYAK NAHE. ETHUMANLATA NEETHIYA ANUWAMA JUDJE KARANNAMA WENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18