අල්-ෂිෆා රෝහලේ සිටින ළදරුවන් ඉවත් කිරීමට ඊශ්‍රායල එකඟවෙයි

ගාසා හි අල්-ෂිෆා රෝහලේ සිටින කුඩා ළදරුවන් ඉන් ඉවත් කිරීම සඳහා සහාය වීමට එකඟ වූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ අලුත උපන් බිළිඳුන් 20 දෙනෙකු පමණ මේ වනවිට එම රෝහලේ ශල්‍යාගාරයක තබා ඇති බවයි.

මේ අතර අල්-ෂිෆා රෝහලට විදුලිය නොමැතිකම හේතුවෙන් රෝහලේ සිටි නොමේරූ ළදරුවන් දෙදෙනෙකු මිය ගිය බව එහි වෛද්‍ය කණ්ඩායමක් පවසනවා.

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා වෙත ප්‍රහාර එල්ල කළ බවට එල්ලවන චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කර ඇති නමුත් එම ප්‍රදේශයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටුම් ඇතිකරගත් බවට පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේ ඊශ්‍රායල යුද ටැංකි විසින් ගාසාවේ අල්-ෂිෆා රෝහල වටකර ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට ගාසා තීරයට එල්ලකරන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 11,078ක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන කිරීම් ප්‍රමාද කරමින් සෙනසුරාදා සිට රෝහල් කිහිපයක් සමඟ පැවති සම්බන්ධතා බිඳවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා නිව් යෝර්ක්, ලන්ඩන්, පැරිස්, බැග්ඩෑඩ්, කරච්චි, බර්ලින් සහ එඩින්බරෝ ඇතුළු ලොව පුරා නගරවල විරෝධතා පා ගමන් සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39