මුස්ලිම් භක්තික ප්‍රජාව දේවත්වයෙන් අදහන අල්ලා දෙවියන්ට අපහාස වන අයුරින් වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා සමාජගත කළ පුද්ගලයකු කටුගස්තොට දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; එම සැකකරු ඒ සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දූරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
තම ආගමට අපහාස වන අයුරින් පුද්ගලයකු වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බව මුස්ලිම් මවුලවිවරුන් කිහිපදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.














ONEMA KENEKUTA KEMATHI AGAMAK ADAHANNATH WANDHUM PIDUM KARANNATH THIYENA AYITHIYATA GARU KARANNA. APE PAHASUWATA API EKA EKA NAM DAGENA THIBUNATA UDA INNA DEVIYANTA NAM NAHE, THIBUNATH APITA KIYA KIYA INNETH NAHE. DEVIYAN JEEWAMANAYI, ADRUSHYAMANAYI. DEWA WADHAYA HEMA AGAMAKAMA DARSHANAYAKAMA DESHANA KARALA THIYENAWA. MAMA BAWUDDHA, MAMA QUORAN KIYAWALA THIYENAWA, BIBLE KIYAWALA THIYENAWA. DAHAM PASAL GIYA NISA PASALEYI BUDU DAHAMA MANAWIN KIYALA DEELA THIYENA NISA EKA HONDHINA MA DANNAWA. EYI EYI RATAWALA EYI EYI KALAWALA JEEWATH UNA MINISSUNGE BUDHDHI MATTAM ANUWA THERUM GANEEMATA PAHASU WENA LESA DHARMAYA DESHANA KARALA THIYENAWA. API DEVIWARUNTA ANDUM ANDHANNE DEKALA NOWEYI, EYI EYI RATAWALA MINISSU EYI EYI KALAYE ANDHA ANDHU. PILIMA HADANNE EYI EYI RATAWALA MINISSUNGE PENUMA HEDARUWA ATHUL KARALA. EKA THERUM GANNA. DEVIYO DAKINNE DEVIYO KEMATHI AYATA WITHARYI. EKAYI ATHTHA.