spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආගමික නායකයෙකුට අපහාස කළ අයෙකුට පඩිසන් දුන් හැටි

මුස්ලිම් භක්තික ප්‍රජාව දේවත්වයෙන් අදහන අල්ලා දෙවියන්ට අපහාස වන අයුරින් වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා සමාජගත කළ පුද්ගලයකු කටුගස්තොට දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; එම සැකකරු ඒ සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දූරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

තම ආගමට අපහාස වන අයුරින් පුද්ගලයකු වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බව මුස්ලිම් මවුලවිවරුන් කිහිපදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?