අල්ලාහ් දෙවියන්ට අපහාස කිරීමේ චෝදනාවට පාකිස්ථානය චීන ජාතිකයෙකු සිරගත කරයි

වැඩබිමක ඇති වූ බහින්බස්වීමක් අතරතුරදී අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් චීන ඉංජිනේරුවෙකුට එරෙහිව නඩු පැවරීමට උතුරුදිග පකිස්ථානයේ පොලීසිය පියවර ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දාසු හි ජලවිදුලි ව්‍යාපෘතියක් බාරව කටයුතු කරන China Gezhouba Group සමාගමේ  බර යන්ත්‍රෝපකරණ භාරව සිටි ඉංජිනේරුවෙකු වන ටියැන් නැමැත්තෙක්.

පාකිස්ථානු කසළ එක්කිරීමේ නිරත රියදුරන් දෙදෙනෙකු විසින් පොලිසියට කරන ලද විධිමත් පැමිණිල්ලකින් ඔහු හඳුනාගෙන ඇති අතර, ඉංජිනේරුවරයා විධිමත් පොලිස් පරීක්ෂණයකට මුහුණ දෙන බවයි පාකිස්ථාන බලධාරීන් පවසන්නේ.

වයඹ දිග පකිස්ථානයේ කොමෙලා නගරයේ වේලි ව්‍යාපෘතියක සේවය කරන සිය ගණනක් නිවැසියන් සහ කම්කරුවන් ප්‍රධාන මහා මාර්ගයක් අවහිර කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෙළපාලි යාමෙන් පැය කිහිපයකට පසුව මෙ⁣ම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

ඒ, අනුව ඉස්ලාමාබාද් සිට කිලෝමීටර් 350ක් පමණ උතුරින් පිහිටි දාසු අසල චීන කම්කරුවන් සඳහා වූ නේවාසික කඳවුරක ටියැන් රඳවා තැබීමට පොලිසිය කටයුතු කළද ටියාන්ට මරණ තර්ජන කියමින් සිය ගණනකින් යුත් පිරිසක් නේවාසික කඳවුරෙන් පිටත රැස්වී ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසුව සන්නද්ධ පොලිසිය මැදිහත් වී ගුවනින් අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බව එරට මාධ්‍ය වාර්තා කළා.

බරපතල තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් පකිස්ථාන හමුදා හෙලිකොප්ටරයකින් ඔහුව ඉහළ කොහිස්තානයේ සිට ඇබොටාබාද් වෙත ගුවනින් රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

මේ අතර පාකිස්ථාන සේවකයෙකු කියා සිටියේ රාමසාන් යාඥාවේ මුවාවෙන් වැඩ මඟ හැරීම සම්බන්ධයෙන් චීන අධීක්ෂකවරයා තමාට බැණ වැදුණු බවයි.

තමාට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව චීන ජාතිකයා ප්‍රකාශ කළ නමුත් අධිකරණය එම පුද්ගලයා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

පකිස්ථානයේ මතභේදයට තුඩු දී ඇති දේව අපහාස නීති යටතේ, අපහාස කිරීමේ වරදට වරදකරු වූ ඕනෑම අයෙකුට මරණ දඬුවම නියම කළ හැකියි.

මේ අතර, චීන විදේශ අමාත්‍යාංශය  ප්‍රකාශ කළේ පාකිස්ථානයේ පිහිටි තම තානාපති කාර්යාලය දේව අපහාස චෝදනා මත රඳවා සිටින චීන ජාතිකයෙකු සම්බන්ධයෙන් තත්ත්වය සත්‍යාපනය කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වය තව දුරටත් පාලනය වෙලා නෑ - තව වර්ධනය වීමේ අවදානමක්
02:22
Video thumbnail
සිහින ජනපතිලා අනුරට යුද්දේ ප්‍රකාශ කරලා ? - තඹුත්තේගම ගොවි පුතා රජකමට සුදුසු නෑ
04:31
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් මාංචුත් දාගෙන අධිකරණයට රැගෙන ආ හැටි
00:49