අල්ලස් ගැනීමට වරදකරු වූ පාතහේවාහැට සභාවේ හිටපු සහාපති මාට්ටු

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට වරදකරු වී අධිකරණයෙන් සිරදඬුවම් නියම වීමෙන් පසු සැඟව සිටි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නඩුවේ තීන්දුව අනුව වරදකරුට වසර තුනක සිරදඬුවමක් නියම වුණා.

කෙසේ වෙතත් නඩු තීන්දුවෙන් පසුව ඔහු සිය පදිංචි ස්ථානයෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශවල සැඟව සිට ඇති අතර, ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනයකදී ඊයේ (09) කිරිල්ලවල – ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48