අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා පත් කර තිබෙන අතර සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 බී වගන්තිය සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා.

විනිවිදභාවය, වගවීම සහ රාජ්‍ය සේවයේ සෑම තරාතිරමකම දූෂණය පිටු දැකීම සඳහා රජයේ කැපවීම මෙම පියවර මගින් අවධාරණය කරනු ලබනවා.

රාජ්‍ය සේවයේ සදාචාරාත්මක වටිනාකම් සහ යහපැවැත්ම ආරක්ෂා කරමින් සියලු ආකාරයේ දූෂණය මැඩලීමට අලුතින් පත් වූ සභාපතිවරයා සහ සාමාජිකයින් තම දීර්ඝකාලීන අත්දැකිම් ඔස්සේ කටයුතු කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

දූෂණයට එරෙහිව සටන් කිරීමේ ශ්‍රී ලංකාවේ වගවීම සහතික කරන ප්‍රමුඛ ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36