අල්ලස් ඉල්ලූ සුරා බදු නියාමකවරුන් දෙදෙනෙක් බරපතළ වැඩ සහිතව වසර 28ක් හිරේට

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150,000 අල්ලසක් ඉල්ලූ චෝදනාවලට වරදකරුවන් කෙරුණු සුරා බදු නියාමකවරු දෙදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම් වසර 07කින් ගෙවී යා යුතු බවට නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ලබාදුන්නා.

2013 වසරේ නොවැම්බර් මස 13 වනදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට මහාධිකරණයේ නඩු නොපවරා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඔවුන්ට ගැලවී යාමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් රුපියල් 150,000 අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරා බදු නියාමකවරු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරුවන් දෙදෙනා අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා හතරකට වරදකරුවන් කරන බව සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ හමුවේ කරුණු දක්වූ විත්තියේ නීතිඥවරු මෙම විත්තිකරුවන්ට කුඩා දරුවන් සිටින බවත් ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මෙම විත්තිකරුවන්ගෙන් බවත් සඳහන් කර සිටියා.

ඒ, අනුව ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් අල්ලස සහ දූෂණය සමාජයෙන් තුරන් කළ යුතු බරපතළ වැරදි බවත් ඒ අනුව සමාජයට ආදර්ශයක් දිය හැකි නීතියේ සඳහන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන කැප වී කටයුතු කළ යුතු පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන් කළා.

එහෙත් ඔවුන් එම රාජකාරිය පසෙක ලා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට උදව් වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එබැවින් ඔවුන්ට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නා.

එසේ කටයුතු කළහොත් මෙවැනි වැරදි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එය රුකුලක් වනු ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ, අනුව විත්තිකරුවන්ට නීතියේ සඳහන් දැඩි දඬුවම් ලබාදීමට සිදුවන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව මෙම සිරදඬුවම් නියම කර සිටියා.

ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර 02ක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළා.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරංග සඳරුවන් විජේරත්න සහ සිසිර කුමාර සිල්වා යන නියාමකවරු දෙදෙනාට මෙලෙස දඬුවම් නියම වුණා.

කෙසේ වෙතත් රුපියල් පනස් දහසක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14