අලවතුගොඩ සුරූපී තරුණියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මාස 5කට පමණ කාලයකට පසු ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ කළ අලවතුගොඩ පොලිසියයි සැකකාර සැමියා අද මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මියගිය කාන්තාවගේ සිරුර පසුගිය මාර්තු මස 11 වනදා සොයා ගනු ලැබුවේ ඇයගේ නිවස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදී යි.

මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ඒගර් නිල සුනඛයා යොදවා පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අදාළ එම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවට අයුතු යෝජනා කළ බවට ද ලැබී තිබූ තොරතුරු ද හේතුවෙන්.

මියගිය කාන්තාව ගේ සිරුර ආසන්නයේ මඩ තුළ එරී තිබිය දී සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාව ගේ සැමියාගේ බවට හෙළි වීමත් සමඟ ඔහු දෙසට ද සැකය යොමු වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළා සැකකරුවෙකු වශයෙන් අත්අඩංගුවට ගනු ලැබුව ද විමර්ශන අඛණ්ඩව සිදු කළ පොලිසියට මියගිය කාන්තාව ගේ සැමියා මෙම ඝාතනයට සම්බන්ධ බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව පොලිසිය අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.

බිරිඳ නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණා.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මළ සිරුර හමුවීමට පෙර දින රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බවට පවසා නිවසින් පිටව ගොස් තිබූ බව සඳහන්.

පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබෙනවා.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවට ද ප්‍රදේශවාසීන් පවසා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
11
+1
9
+1
7
+1
30
+1
9
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29