අරාබියේ දුක් විඳින අපේ කාන්තාවන්ගේ කතාව

මේ කියන්න යන කතාව කුවේට් දේශයේ ලක්මිනි අක්කාගේ කතාව. ඒ කතාව මම ඇහුවේ ඇයත් මමත් කුවේට් තානාපති කාර්යාලයේ ඉන්න මොහොතේ. තමන්ගේ වාරය එනකල් බලාගෙන හිඳිද්දී මං ළඟම හිටිය කෙනෙක් ලක්මිනි කියන්නේ. ඇය මාඋල්පත ගමේ ජීවත් වෙන තිදරු මවක්. පුතාලා දෙන්නෙක් සහ දුවෙක් ඉන්න ඇයට, දුප්පත්කම නිසා කුවේට් දේශයේ සේවයට එන්න වුණා

කුවේට්හි අජ්මීර් වල වැඩකරපු ලක්මිනි අක්කා දැන් එතන සේවය කරන්නේ නෑ. ඇය එලියේ වැඩ කරන්නියක් වෙලා. මුලින් ඇය සේවය කරල තියෙන්නෙ ගෙදරක. කොළඹ ඒජන්සියකින් කුවේට් ආපු ලක්මිනි දරුවන් 6ක් ඉන්න මාමා සහ බාබා සමග ඉන්න තියෙන පොඩි ගෙදරක රැකියාව කරමින් හිටියේ.

ඇය ආපු මුල් කාලයේ පවුලේ සියල්ල ඇය සමග හොඳින් හිටියලූ. ඒත් මාස 3ක් ගිය පසු හාම්පුතුන්ගේ සැබෑ තත්ත්වේ එළිවෙන්න ගත්තලූ.

‘‘මැඩම් ඉස්කෝලෙක වැඩ කරන්නේ. ටීචර් කෙනෙක්. ළමයිනුත් ස්කූල් යනවා. කිරි බොන පොඩි ළමයෙක් ඉන්නවා. එයා මංගාව තියලා යන්නේ. ඉතිං ඒ දරුවා නිදාගෙන ඉද්දි මම ගෙදර වැඩ ටික කොහොම හරි ඉවර කරනවා. මැඩම් වැඩට ගිහිං එද්දි තමා බොසා වැඩට යන්නේ. බය ඇතිනේ ළමයට මම මොනවත් කරයි කියලා. ඒත් මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා නංගි.”

ලක්මිනි එතනින් කතාව මොහොතකට නැවැත්තුවා. ඒ අපි ළඟට තවත් කාන්තාවක් ඇවිත් අපට දුන්නු ෆෝර්ම් එක පුරවන හැටි ලක්මිනිගෙන් අහගත්ත නිසා. නැවත ඇය ගිය පසු මම ආපහු ඇයගේ කතාව දැන ගන්න ඕනේ නිසා මෙහෙම කිව්වා.

‘‘උන්ට අපි කොච්චර හොඳ කළත් උන් අපිව සැක කරනවා අක්කේ.”

‘‘ඒක ඇත්ත නංගි. බාබා මුලින් හොඳ වුණාට පස්සෙ පස්සේ බාබා එනපොට හොඳ නෑ වගේ දැනුනා.”

‘‘ඒ ඇයි. ඌ හොඳ නැති බාබෙක්ද.?”

‘‘ඌට තියෙන්නේ ගෑනු මේනියාව”

‘‘මොකක් ගෑනු මේනියාව

ඒ මොකක්ද ඒ”

‘‘බාබාට ගෑනු පෙන්නන්න බෑ. වැඩකාරියෙක් හරි කමක් නෑ උන්ගේ වැඬේ කර ගන්න දඟලනවා.”

‘‘ඇයි අක්කේ ඔයාටත් කරදර කරන්න ආවාද.”

‘‘ම්ම්ම්. ඔව්. මැඩම් ස්කෝලේ යන ටයිම් එකට ඌ නිදි වගේ ඉන්නවා. මැඩම් වැඩට ගියාට පස්සේ මූ මගේ පස්සෙන්මයි. මටත් දරුවෝ ඉන්නවා. මිනිහෙක් ඉන්නවා. දුප්පත්කමට ආවාට මට මෙහේ අරාබි හැත්ත එක්ක නිදා ගන්න ඕනේ නෑ නංගී. මම බාබාට කිව්වා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. නැත්නම් මම මැඩම්ට කියනවා කියලා. එහෙම කියලා දවසයි දෙකයි මෙන්න ආපහු පස්සෙන් එන්න ගත්තා.

දවසක් කුස්සියෙ වළං පිඟන් හෝද හෝද ඉද්දි මේ යකා මගේ ඉනවටින් අත දැම්මා. හෝද හෝද හිටිය පිඟානත් වැටුනා. පිඟාන බිඳුනා. ඒ පිඟන් කෑල්ලක් අරං මම කිව්වා ළඟට ආවොත් මම බෙල්ල කපාගන්නවා කියලා. එහෙම කියද්දී ඌ එතනින් ගියා. ඒත් මේක ඉවරයක් වෙන්නේ නැති නිසා මම එදා මැඩම්ට ඕක අඬ අඬ කිව්වා.

මැඩම් මුකුත් නොකියා මං එක්කවත් කතා නොකර පොඩි දේටත් මට කෑගහන්න ගත්තා. මැඩම්ට කිව්ව නිසා බාබාත් මගෙන් පලිගන්නම වැඩ ගන්නවා. දවසක් පොඩි ළමයා පඩි පෙලේ ඉඳන් දුවන් එද්දී වැටුනා. මම අර කිරි බොන දරුවා වඩාගෙන හිටියේ. එදා බාබා මගේ කම්මුලට හයියෙන් ගැහුවා මම අර ළමයා තල්ලූ කළා කියලා. ඒත් ඒ ළමයා දුවන් ඒද්දි වැටුනා කියලා කිව්වට විස්වාස නොකර මට ගැහුවා.

එන්න එන්න ප්‍රශ්න වැඩි වුණා මිස අඩුවක් තිබ්බේ නෑ.

ඉවසගන්න බැරිම තැන මුහුණු පොතේ හමුවුණ යාළුවෙක්ට කිව්වා. පස්සේ ඒ යාළුවා මට එලියේ ජොබ් එකක් හොයලා දෙන්නම් කිව්ව නිසා මම හොරෙන් ගෙදරින් පැන්නා. මාස තුනක පඩි බාබා ගාව. ඉල්ලූවත් දුන්නේ නෑ. බාබාගේ ඕනෑ එපාකම් කළොත් විතරයි මට පඩිය දෙන්නේ කියනවා. දුප්පත්කමට ආවාට ඇඟ විකුණන්න ආවේ නෑ නංගී. මොකද මටත් සැමියෙක් ඉන්නවා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම ආවේ එයාල වෙනුවෙන්. ඒත් එලියට පැනලා වීසා නැතිව පාස්පෝට් නැතිව මෙහේ රැඳෙන්න අමාරුයි. පොලිසියට අහුවුණොත් උන් අපට ගහනවා. ඒ විතරක් නෙමේ මාව ආපහු අර ගෙදරටම දෙනවා. එහෙම වුණොත් මගේ මිනියවත් හොයා ගන්න බැරි වෙයි. මේ අරාබිකාරයෝ මහා ජරා ජාතියක් නංගී. උන්ට ඕනේ වැඩයි සල්ලියි විතරයි. මනුස්සකම පොඞ්ඩක්වත් ගෑවිලා නෑ.

මම අද ආවේ ලංකාවට යන්න ෆෝර්ම් එක පුරවන්න. ඒත් අපට පාස්පෝට් නැතිව ලංකාවට යන්න බෑ. මම වැඩ කරපු තැනින් පාස්පෝට් එකයි මාස තුනක සල්ලියි තියන් ඉන්නවා. දැන් කුවේට් තානාපති කාර්යාලයෙන් පොත හදලා දෙනකල් ඉන්න ඕනේ. ඊට පස්සේ මාස තුනක් හිරේ ඉඳලා තමයි යන්න වෙන්නේ. එලියට පැන්නා වගේ නෙමේ ලංකාවට යන්න හදද්දී හිර ගෙවල්වලත් ලැගලා යන්න වෙන්නේ.

‘‘සම්සුල් ලාබ්දින් ෆාතිමා නෂීරා”

ඊළඟට අඬගැහුවේ මගේ නම. මම නම අඬගහපු කවුන්ටරේ ළඟට යන්න වුණේ ලක්මිනි අක්කා එක්ක කතාව නවත්තලා. ඒත් එතන ටිකක් ඉද්දී ලක්මිනි අක්කා මම යනවා නංගි කියාගෙන ගියා. ඒ ඇයට ලංකාවට යන්න කුවේට් ශ්‍රී ලංකා කානුම් එකක් තවම විසා නැතිව එලියේ ඉන්න අයට හදලා නැති නිසා. මොකද ඇය එලියේ ඉන්න එක ඇයට අවදානම්. ඒ නිසයි ලක්මිනි අක්කා ඉක්මනින් එතනින් පිටව ගියේ. ඇය පිටව ගියත් ඇය එතනින් ගියේ ටිකක් හෝ හිත නිදහස් කරගෙන කියලා මට හිතුනා.

ෆාතිමා නෂීරා

දිවයින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08