අරාබියේ එක්තැන්ව සිටි රසින්ත දිවයිනට රැගෙන එයි (ඡායාරූප)

සෞදි අරාබියේ සේවයේ නිරතව සිටිය දී අනතුරකට ලක්ව එක්තැන්ව සිටි රසින්ත ලියනාරච්චි නැමැති තරුණයා අද (16) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

සෞදියේ රියාද් නුවර සිට අද උදෑසන 6.10ට කටුනායකට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරණ යානයෙන් ඔහුව මෙරටට රැගෙනවිත් තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු දෙදෙරු පියෙක්.

2023 වසරේ මාර්තු මස 12 වනදා සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත්ව ගොස් ඇති රසින්ත, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවය කරන ස්ථානයේ දී හදිසි අනතුරකට ලක්ව තිබුණා. අනතුරෙන් පසු ඔහු එරට රෝහලක හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර, එහි මාස 03ට අධික කාලයක් ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත් එහි ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු සේවය කළ ආයතනයේ ස්ථානයක තවදුරටත් නවාතැන් පහසුකම් සපයා ගනිමින් ඇඳක් මත තබා තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

තම සැමියාට මුහුණදීමට සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් රසින්තගේ බිරිඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදුකළ ඉල්ලීමක් මත අද (16) දිනයේ ඔහුව මෙලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා.

එලෙස දිවයිනට ගෙන්වා ගත් රසින්තව ගිලන් රථයකින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත්තා.

1 3
2 4
3 4
4 2
5 2
6
7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22