ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලීන සහ නිර්භීත තීන්දු තීරණ මනා පිටිවහලක් වූ බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.
රට මුහුණදී සිටින ආර්ථික අභියෝග පිළිබඳව මෙහිදී පැහැදිළි කළ සාගල රත්නායක මහතා මෙම ආර්ථික ගැටලු විසඳා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණාත්මක ක්‍රියාමාර්ගවල වැදගත්කම පෙන්වා දෙනු ලැබුවා.
එසේම ඊට අදාළව දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළ ඒ මහතා ආර්ථික වර්ධනය උදා කර ගනිමින් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීම සඳහා සියලුදෙනා එක්ව කැපවීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා.
“ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම” යන තේමාව යටතේ විවිධ විෂය ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ පර්යේෂණ තුළින් කරන ලද සොයාගැනීම් ඔස්සේ ලබාගත් දැනුම බෙදා හදා ගැනීමට අවස්ථාව සලසමින් මෙම සමුළුව සංවිධානය කර තිබුණා.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනයක් සිදු කළ අතර කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙලන්ඩ් හාට්වෙල් මහතා සිය දේශනය අන්තර්ජාලය ඔස්සේ සිදු කළා.
මෙම සමාරම්භක අවස්ථාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වු සාගල රත්නායක මහතා,
මීට සති කිහිපයකට පෙර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සමඟ එක්ව ඔබට යම් මඟ පෙන්වීමක් ලබාදීමේ අවස්ථාව මට උදා වුණා. මම ඒ සඳහා එක්වූයේ ඉතා කැමැත්තෙන් බව කිවයුතුයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලබා ඇති සාර්ථකත්වය අද රටට මෙන්ම ලෝකයටම පෙන්වා දී තිබෙනවා.
මෙම විශ්වවිද්‍යාලය අපට දායද කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමයි. අද මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ දක්ෂතා පෙන්වන විශිෂ්ට පුද්ගලයන් නිර්මාණය කරමින් සිටිනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය නිසා මෙය හමුදාවන්ට පමණක් නොව සිවිල් සිසුන්ගේ ද අනාගතය තීරණය කරන ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම විශ්වවිද්‍යාලය විශිෂ්ට තැනක් ගන්නා බව කවුරුත් පිළිගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට අප පසුගිය කාල සීමාවේ දී මුහුණ දුන්නා. කලින් කලට, අප ආර්ථික අර්බුදවලට මුහුණ දී ඇති අතර සාමාන්‍යයෙන් බොහෝ රටවල් එසේ මුහුණ දී තිබෙනවා.
නමුත් වඩාත්ම වැදගත් වන්නේ අප දැන් සිටින තැනින් මිදෙන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. ජනාධිපතිතුමා විසින් මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම සමඟ එක්ව ගත් කාලෝචිත, තීරණාත්මක සහ නිර්භීත තීරණ නිසා අපට මේ වන විට ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණීමට හැකි වී තිබෙනවා
නමුත් අප තවමත් සම්පූර්ණයෙන් පැවති තත්ත්වයෙන් මිදී නැහැ. රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් එය ඉදිරියට ගෙන යාමට සහ ජනතාවට සමෘද්ධිය උදා කර දීම වෙනුවෙන් අප තවත් බොහෝ පියවර ගත යුතුව තිබෙනවා.
අද මෙම සමුළුවේ තේමාව වන “ඩිජිටල්කරණය, තිරසාරත්වය සහ ආංශික පරිවර්තනය හරහා ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම” යන්න ඉතාම කාලෝචිත තේමාවක් බව කිවයුතුයි. ඩිජිටල් පරිවර්තනය යනු රාජ්‍ය අංශය තුළ මෙන්ම සියලුම ක්ෂේත්‍රයන් ඩිජිටල් තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ කිරීමයි. ඒ සඳහා රට තුළ සංස්කෘතිමය වෙනසක් ද අවශ්‍ය වෙනවා. රටක් ලෙස අප ඉදිරියට යාමේ දී ජනතාවට නව ආර්ථික අවස්ථා උදාකරන සහ කාර්යක්ෂම සේවාවන් සපයන ඩිජිටල් ජාලය, තීරණාත්මක සාධකයන් බව කිවයුතුයි.
මෙහිදී වැදගත් කරුණ වන්නේ තිරසාර භාවයයි. තිරසාර සංවර්ධනය නිර්වචනය කිරීමේදී එයින් අදහස් වන්නේ අනාගත පරපුරට තම අවශ්‍යතා සපුරාගැනීමට ඇති හැකියාවට හානියක් සිදු නොවන පරිදි වර්තමාන අවශ්‍යතා සපුරාලන සංවර්ධනයයි. එය සරල සංකල්පයක්.
ඩිජිටල්කරණය සාර්ථක කර ගැනීමට නම්, රටේ ආර්ථික වර්ධනය, රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම, ආයෝජන සඳහා හිතකර වාතාවරණයක් ඇති කිරීම සහ නිවැරදි රෙගුලාසි පැනවීම තුළ විධිමත් ආරක්‍ෂක තත්ත්ව පවත්වා ගැනීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. පර්යේෂණ සහ අධ්‍යාපනය සමඟ ඒකාබද්ධ වී ලබාගන්නා මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බව කිවයුතුයි.
මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා පුළුල් කෙරෙන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනාධිපතිතුමා සතුව දැක්මක් තිබෙනවා. එම වැඩපිළිවෙළ ඔස්සේ මෙම විශ්වවිද්‍යාලය තවදුරටත් දියුණු කිරීමට අප සියලුදෙනා එක්ව කටයුතු කරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.














MAHA BANKU LOKKA KIYANAWA ELA RATA MUDA GATHTHA KIYALA. RANIL LOKKA GE GOLAYO KIYANAWA LOKKA RATA MUDA GATHTHA KIYALA. HEBAYI THIBUNA NAYA KANDA DAN NAYA KANDU YAYAK WELA. KALIN RS.100 GANIP EWA DAN 500 EHA. FACTORY WAHEEGENA YANWA LU. FUEL GAS TRANSPORT AYE IHALA GIHIN. MUDA GATHTHE NEDEYO MITHRAYO NAM WENNA ATHI.APIWA NAM NOWEYI. APE THIBUNA DEWAL OKKOMA DAN DIYAWEMIN YANAWA, ME WASARA AWASANA WENAKOTA OKKOMA IWARAYI.