අර්බුදයෙන් ගොඩඒමට මහ බැංකුවෙන් තුරුම්පුවක්

රට තුළ ආයෝජනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ජාත්‍යන්තර ව්‍යාපාරික නාලිකාවක් වන බ්ලූම්බර්ග් විදෙස් නාලිකාව සමග අද (19) පැවති සංවාදයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදිනිය ප්‍රශ්න කළේ,

“අවම වශයෙන් ඔබේ ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න, තවත් විකල්පයක් තියෙනවා. මුදල් රැස කරගන්න. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ වැඩසටහනට එක්වීම. නමුත් පේන විදිහට තවමත් ඔබට එය ඒත්තුගැන්වෙලා නැහැ. ඔබ දිගටම ඒ ගැන නොසිතා ඉන්නවාද?

අජිත් නිවාඩ් කබ්රාල් මහතා – අපේ සියලුම බැඳුම්කර වෙන්දේසි මේ වෙද්දි සම්පූර්ණවෙලයි තිබෙන්නේ. පොළී අනුපාතිකයන් මධ්‍යස්ථ මට්ටමක තිබෙනවා. මේ වසරේ අපේ කොටස් වෙළෙඳපොලේ ක්‍රියාකාරීත්වය දෙස බැලුවොත් මෑත කාලයේදී දැක්වූ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරමිනුයි තිබෙන්නේ. සංචාරකයින් රටට නැවත පැමිණෙමින් සිටිනවා. බැංකු අංශයේ සාමාන්‍ය කොන්දේසිත් ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒ නිසා ආයෝජකයින්ට හොඳ විශ්වාසයක් තබාගත හැකි බවයි මම හිතන්නේ. ඒ නිසා අපිට ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න ගොඩක් දේවල් කරන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නේ නැහැ. ඔබ කියනවා නම් ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිකරන්න IMF යන්න ඕනි කියලා, IMF එකට ඒ වෙනුවෙන් කරන්න තියෙන විශේෂ දේ මොකක්ද?” 

“ඒ වගේමයි අපි අපේ ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටිනවා. විශේෂයෙන්ම අපේ ඉන්ධන මිල. රජය ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉඟියක් තිබෙනවා. IMF එක ආවත් අපට මේ වගේ උපදෙස් තමයි දෙන්නේ. මේ දේවල් තමයි රජය මේ වෙද්දි කරමින් ඉන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25