අර්බුදයට විසඳුම් සොයා සර්ව පාක්ෂික සමුළුව අද රැස්වෙයි

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්.

ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර ඇත්තේ. සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ද ඒ අතරට අයත්. ඉකුත්දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ උදය ගම්මන්පිල, විමල් වීරවංශ මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර ද මෙම සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් එම පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙකු සමුළුවට සහභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05