අර්ජුන මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කෙරේ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු ඇතුළු පිරිසක් සැකකරුවන් වශයෙන් නම්කර සිටිනවා.

මේ වන විට රුපියල් කෝටි 355ක වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් මෙම නඩුවේ සැකකරුවකු වන අතර ඊළඟ නඩු වාරයේ දී ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අර්ජුන් ඇලෝසියස් , අර්ජුන් මහේන්ද්‍රන්, ජෙෆ්රි ජොසෆ් ඇලෝසියස් , ආජර් ගාර්දින් පුංචිහේවා, පුෂ්පමුත්තු සිරිවර්ධන හා පුශ්පරාජා සුරෙන්ද්‍රන් යන පිරිස මෙම නඩුවේ සැකකරුවෝ වෙනවා.

අද (19) නඩුව කැඳවු අවස්ථාවේ දී අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාර් ගාර්දින් පුංචිහේවා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38