පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.
මෙම පෙත්සම අද (31) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න විසින් මෙම ඉල්ලීම මතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේ දී නියෝගයක් නිකුත් කරන බවයි.













