අරලගන්විලම හඬවමින් යුවළක් ඇතුළු තිදෙනෙක් අවසන් ගමන් යයි

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලිය පාලම අසල පළවෙනිදා උදෑසන 6,30 ට පමණ පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් යුවලක්, කාන්තාවක් ඇතුළු තිදෙනකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර අංක 48 ලිපිනයේ පදිංචිව සිටි 67 වියති යූ. ඩබ්ලිව්. ජී. රණ්බන්ඩා මහතා සහ ඔහුගේ බිරිඳ වන 62 වියැති පී.කේ.නන්දාවති යන යුවල සහ එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් ඔවුන්ගේ ඥාතිවරියක් වන ටී.ජී. විමලා රන්දෙණිය යන 72 වියේ පසුවන කාන්තාවක් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටි තිදෙනෙකු බවත් පෞද්ගලික බස්රථය පොලොන්නරුව දෙස සිට මඩකලපුව ශීක්ෂණ රෝහල සඳහා කාර්ය මන්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමේදී පැවසීය.

අනතුරුට සම්බන්ධ බස් බස්රථයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය ය.ත්‍රිරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වූ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22