අරගලය අතර තුර තුවාල ලැබූ හමුදා සාමාජිකයන් බලන්න යුද හමුදාපති රෝහලට (ඡායාරූප)

පාර්ලිමේන්තුවට පිවිසෙන බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ දී පසුගිය 13 වනදා ඇති වූ නොසන්සුන්තාවය අතරතුර පහර කෑමට ලක්ව තුවාල ලැබූ, හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ ගොස් තිබෙනවා.

යුද හමුදාපතිවරයා අදාල හමුදා සාමාජිකයන් ප්‍රතිකාර ලබන හමුදා රෝහලට ඊයේ (14) දිනයේ දී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී හමුදාපතිවරයා තුවාල ලැබූ හමුදා සාමාජිකයන් අසලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කළා.

image 66fe575205
image e1f222026a
image e69bd9530c