අරගලයෙන් පසු පාකිස්තානයට එරෙහිව ලැබූ මංගල ටෙස්ට් ශූරතා කුසලානය අගමැති යුනුස්ට පිරිනැමෙයි (ඡායාරූපය)

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයේ ශූරතා කුසලානය එරට අන්තර් වාර රජයේ අගමැති ආචාර්‍ය මුහම්මද් යුනුස් හට පිරිනමා තිබෙනවා.

බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ විසිනුයි සිය කණ්ඩායම සමග ගොස් අග්‍රාමාත්‍යවරයා හට සම්මානය පිළිගන්වනු ලැබුවේ.

මෙම ජයග්‍රහණය බංග්ලාදේශ අරගලයෙන් පසුව එරට ක්‍රිකට් කණ්ඩායම දිනූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ද වනවා.

ඊට තවත් සුවිශේෂී හේතුවක් වනුයේ; බංග්ලාදේශයේ අරගලයට මූලබීජය වැපිරුවා යැයි චෝදනා පාකිස්තානයට එල්ල වී ඇති පසුබිමක; පාකිස්තාන කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශය ලැබූ මංගල ටෙස්ට් ශූරතාව වීමයි.

මෙම ශූරතා කුසලානය පිරිනමමින් නායක ෂැන්ටෝ සිය නිල මුහුණුපොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ;

”බංග්ලාදේශයේ ඓතිහාසික ටෙස්ට් තරගමාලා ජයග්‍රහණ කුසලානය ප්‍රධාන උපදේශක ආචාර්ය මුහම්මද් යුනුස් සර්ට පිරිනැමීම ගෞරවයක්. අපට සත්කාරකත්වය ලබාදීම ගැන ඔබට ස්තුතියි..” යනුවෙන්.

ශීක් හසීනාගේ රජයට එරෙහිව බංග්ලාදේශය පුරා දසදහස් ගණනින් විරෝධතා පසුගිය මාසය පුරාවට ම පැන නැගි අතර; ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර හටගත් උණුසුම් තත්ත්වයන් තුළ දී ඇතැම් පිරිසි ජීවිතක්ෂයට ද පත් වුණා.

පසුව අරගලකරුවන් බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියගේ නිල නිවස ආක්‍රමණය කළ අතර; ශීක් හසීනා පෞද්ගලික හෙලිකොප්ටරයකින් සිය නැගණිය සමග ඉන්දියාවට පලා ගිය බවටයි වාර්තා වූයේ.

ඉන් අනතුරුව හමුදා පාලනයක් තුළ අන්තර් වාර රජයක් පිහිටුවීමට කටයුතු කෙරුණා.

පසුව රට යම් සාමකාමී තත්ත්වයකට පත්වීමෙන් පසුව පාකිස්තානයට එරෙහිව සිය මව් රටෙන් පිට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමටයි බංග්ලාදේශ කණ්ඩායම සමත් වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30