අයි.සී.සීය නම් කළ 2023 ලෝක කුසලාන කණ්ඩායම මෙන්න

සති 06ක කාලයක් පුරා දිග හැරුණු එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (19) රාත්‍රියේ ඕස්ට්‍රේලියාව ශූරතාව හිමිකර ගනිමින් අවසන් වුණා.

තරගාවලිය එලෙස අවසන් වීමෙන් අනතුරුව, මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම්කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මායි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක්, ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි, නවසීලන්ත මුල්පෙළ පිතිකරු ඩැරල් මිචෙල්, ඉන්දීය පිතිකරු ලෝකේශ් රාහුල් මෙම කණ්ඩායමේ පිතිකරුවන් ලෙස නම්කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා සහ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

වේග පන්දු යවන්නන් ලෙස ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක සහ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කළ 2023 ලෝක කුසලාන කණ්ඩායමේ සිටින එකම දඟ පන්දු යවන්නා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් සම්පා යි.

මෙම කණ්ඩායමේ 12 වන ක්‍රීඩකයා හෙවත් අතිරේක ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජෙරල්ඩ් කෝට්සි නම්කර තිබෙනවා.

WhatsApp Image 2023 11 20 at 12.44.11 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14