අයි.පී.එල්. වෙන්දේසියට ලංකාවෙන් අටක් – භානුකට අවස්ථාව නැතිවෙයි

2024 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලබන ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව අයි.පී.එල්. සංවිධායකයින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් 214ක් ඉන්දීය ක්‍රීඩකයින්වන අතර, 119ක් විදෙස් ක්‍රීඩකයින් වනවා.

වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අටදෙනෙක් ඇතුළත්.

ඩිල්ශාන් මදුශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, ළහිරු කුමාර, වනිඳු හසරංග එම ක්‍රීඩකයින් අටදෙනායි.

මේ අතර පසුගිය අවස්ථා දෙකේ දී අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා වූ භානුක රාජපක්ෂ මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන නොතිබීම ද විශේෂත්වයක්.

මෙම වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සඳහා හිමිව ඇති වැඩිම මූලික මුදල වනිඳු හසරංගට හිමිව ඇති අතර, එම මුදල ඉන්දීය රුපියල් කෝටි 1.5ක්.

මේ අතර මෙවර වෙන්දේසියේ දී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට ද ඉහළ අගයක් හිමිවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37