අයි එම් එෆ් තවත් තීරණාත්මක සාකච්ඡාවක්

එළැඹෙන නොවැම්බර් 03 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් තම සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනුසෙට්‍යාවන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් පෙරේදා (27 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු අතර එහිදී මේ බව සඳහන් විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම ණය හිමියන්ගේ සමුළුව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවිය. මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බව සාගල රත්නයක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පැවසීය. ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. එච්. එස්. සමරතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22