spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිෆල් කුළුණ අසල ප්‍රහාරයකින් සංචාරකයෙකු ජිවිතක්ෂයට

මධ්‍යම පැරීසියේ මාර්ගයකදී පුද්ගලයෙකු සිදු කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin පැවසුවේ ප්‍රහාරකයෙකු අයිෆල් කුළුණට ආසන්නව පිහිටි Quai de Grenelle අවට සිටි සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරය සිදු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් 26 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සංචාරක යුවළක් අසලට ගොස් ජර්මන් ජාතිකයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

පසුව එම පුද්ගලයා පොලිසිය විසින් ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී සැකකරු තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී තිබෙනවා.

තුවාල ලැබූවන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට පත්වී ඇති සැකකරුට ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී වසර හතරක සිරදඬුවමක් නියම වූ අතර ප්‍රංශ ආරක්ෂක සේවා නිරීක්ෂණ ලැයිස්තුවේ ඔහු සිටි බව සඳහන්.

මෙම පුද්ගලයා මානසික ආබාධවලින් පෙළෙන අයෙක් බව ද හෙළිවී තිබෙනවා.

මෙමෙ ප්‍රහාරයෙන් පසු සෙනසුරාදා රාත්‍රියේ Bir-Hakeim මෙට්‍රෝ දුම්රිය ස්ථානය වටා පොලිස් මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර, එම ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. ත්‍රස්ත මර්දන අභිචෝදක කාර්යාලය පැවසුවේ විමර්ශන කටයුතු භාරගෙන ඇති බවයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කලින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සහතික වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?