අයිෆල් කුළුණ අසල ප්‍රහාරයකින් සංචාරකයෙකු ජිවිතක්ෂයට

මධ්‍යම පැරීසියේ මාර්ගයකදී පුද්ගලයෙකු සිදු කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin පැවසුවේ ප්‍රහාරකයෙකු අයිෆල් කුළුණට ආසන්නව පිහිටි Quai de Grenelle අවට සිටි සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරය සිදු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් 26 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සංචාරක යුවළක් අසලට ගොස් ජර්මන් ජාතිකයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

පසුව එම පුද්ගලයා පොලිසිය විසින් ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී සැකකරු තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී තිබෙනවා.

තුවාල ලැබූවන්ට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට පත්වී ඇති සැකකරුට ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී වසර හතරක සිරදඬුවමක් නියම වූ අතර ප්‍රංශ ආරක්ෂක සේවා නිරීක්ෂණ ලැයිස්තුවේ ඔහු සිටි බව සඳහන්.

මෙම පුද්ගලයා මානසික ආබාධවලින් පෙළෙන අයෙක් බව ද හෙළිවී තිබෙනවා.

මෙමෙ ප්‍රහාරයෙන් පසු සෙනසුරාදා රාත්‍රියේ Bir-Hakeim මෙට්‍රෝ දුම්රිය ස්ථානය වටා පොලිස් මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර, එම ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. ත්‍රස්ත මර්දන අභිචෝදක කාර්යාලය පැවසුවේ විමර්ශන කටයුතු භාරගෙන ඇති බවයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කලින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සහතික වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22