spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස් හා කේරළ ගංජා සමග අයෙක් STF භාරයට

කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු ගෝනහේන විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ වටලනු ලැබූ අවස්ථාවේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවටයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

මෙම වැටලීම ඊයේ දිනයේ දී මිනුවන්ගොඩ පොලිස් වසමේ කලහුගොඩ ප්‍රදේශයේ දීයි සිදු කර ඇත්තේ.

අත් අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ම පදිංචි 36 හැවිරිදි අයෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරත ව සිටි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?