අයිස් හා කේරළ ගංජා සමග අයෙක් STF භාරයට

කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු ගෝනහේන විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ වටලනු ලැබූ අවස්ථාවේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවටයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

මෙම වැටලීම ඊයේ දිනයේ දී මිනුවන්ගොඩ පොලිස් වසමේ කලහුගොඩ ප්‍රදේශයේ දීයි සිදු කර ඇත්තේ.

අත් අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ම පදිංචි 36 හැවිරිදි අයෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරත ව සිටි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23