අයිස් හදන්න පද්මේ ගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය අද රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගය අද (06) දිනයේ රස පරීක්ෂකවරයා නිරීක්ෂණය කිරීමට නියමිතයි.

රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මෙහිදී සොයාගැනුණු අතර, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ (05) සොයා ගැනුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවයි බැකෝ සමන් හෙළිකර ඇත්තේ.

මේ අතර මෙම රසායනික ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා විසින් තබාගෙන සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා මේ වනවිට පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගියදා බැකෝ සමන් මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ඒමත් සමඟ බිය වූ අදාළ සහෝදරයන් දෙදෙනා වෙනත් ස්ථානයක ගබඩාකර තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තොගය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එලෙස වළ දමූ ස්ථානයට ඊයේ (05) දිනයේ දී කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම රසායන ද්‍රව්‍ය භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ සැකසීමේ හැකියාව පවතින බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53