කුඩු රැජින අත්අඩංගුවට (වීඩියෝ)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (21) දහවල් ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් සපුගස්කන්ද මාකොළ ප්‍රදේශයේ වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 32ක් හෙරොයින් ග්‍රෑම් 506ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

මෝටර් රථයක ව්‍යාජ අංක තහඩු දෙකක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 2ක්, ජංගම දුරකතනයක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය භාරදී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙතටයි.

මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 43 හැවිරිදි අයෙක්.

ගනේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් සැකකාරිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මාකොළ දකුණ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි සැකකාරිය කුඩු රැජින ලෙස හඳුන්වන බව සඳහන්.

ව්‍යාජ අංක තහඩු සහ මෝටර් රථයක් සැකකාරිය සන්තකයේ තබාගෙන ඇත්තේ කුමක් හෝ අපරාධයක් කිරීමේ අරමුණින් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14