කුඩු රැජින අත්අඩංගුවට (වීඩියෝ)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (21) දහවල් ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් සපුගස්කන්ද මාකොළ ප්‍රදේශයේ වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 32ක් හෙරොයින් ග්‍රෑම් 506ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

මෝටර් රථයක ව්‍යාජ අංක තහඩු දෙකක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 2ක්, ජංගම දුරකතනයක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය භාරදී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙතටයි.

මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 43 හැවිරිදි අයෙක්.

ගනේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් සැකකාරිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මාකොළ දකුණ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි සැකකාරිය කුඩු රැජින ලෙස හඳුන්වන බව සඳහන්.

ව්‍යාජ අංක තහඩු සහ මෝටර් රථයක් සැකකාරිය සන්තකයේ තබාගෙන ඇත්තේ කුමක් හෝ අපරාධයක් කිරීමේ අරමුණින් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12