අයිස් සමඟ බෝනික්කෙක් පොලිසියෙන් අල්ලයි (වීඩියෝ)

සීදූව පොලිස් වසමේ රාජපක්ෂපුර ප්‍රදේශය වටලා අද (26) අලුයම් කාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 170ක් පමණ මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියා.

මෙහිදී එම ප්‍රදේශයේ නිවාස සහ බෝඩිං කාමර පරීක්ෂා කෙරුණා.

එම අවස්ථාවේ දී බෝඩිං කාමරයක සිටි එක් කාන්තාවක් බෝනික්කෙක් ද රැගෙන කාමරයෙන් පිටතට යෑමේ දී පොලිස් නිලධාරීන්ට ඇය පිළිබඳව සැකයක් මතුව තිබෙනවා.

එම සැකය මත කාන්තාව සන්තකයේ තිබී බෝනික්කා පරීක්ෂා කිරීමේ දී එම බෝනික්කා තුළ සඟවා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා විද්‍යුත් තරාදියක් ඒ තුළ සඟවා තිබිය දී පොලිසියට සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය කොළඹ, කොටහෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

බෝනික්කා තුළ සඟවා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25 කට වැඩි ප්‍රමාණයක් හා කෙරළ ගංජා ග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම විශේෂ මෙහෙයුමේ දී සැකපිට පුද්ගලයින් 19 දෙනෙක්, දූෂණ වැරදි සඳහා පුද්ගලයින් 07 දෙනෙක්, අධිකරණය මඟහැර සිටි එක් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගැනීමට හැකිව වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඊට අමතරව අංක තහඩු නොමැති යතුරුපැදි තුනක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු පිරිස මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17