අයිස් සමඟ අයෙක් පොලිස් දැලේ

හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සඳහා ඔත්තු බැලූ ඔත්තුකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට අදාලව ඊයේ (03) අම්බලන්ගොඩ පොලිස් වසමේ දිඹුල්දුව, වෙනමුල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලි ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ‘පොඩි සුදූ’ නම් අනවර්ථ නාමයකින් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම මොහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු 2023.10.09 වන දින රත්ගම පොලිස් වසමේ රත්ගම කරාව ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර යන අය ඝාතනය කිරීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ගමන් කරන ලද යතුරු පැදිය පිටුපසින් යතුරු පැදියකින් ගමන් කරමින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සමන් කොල්ලා’ යන අයට ජංගම දුරකථනයෙන් මාර්ග පිළිබදව දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම සැකකරු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවටත් අණාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55