මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බව කියන 25 හැවිරිදි කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ ඇයගේ ස්වාමියා පුරුෂයා රුපියල් කෝටි දෙකකට අධික මත්ද්‍රව්‍ය තොගයක් ද සමගින් මාදම්පිටිය පොලිසිය මගින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයක් අසල දී මෙම යුවළ අත්අඩංගුවට ගන්න අවස්ථාවේ දී තවත් පුද්ගලයෙක් වෙත ලබාදීම සඳහා වෑන් රථයකින් රැගෙන එන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 350ක්ද සැකකාර ස්වාමි පුරුෂයා සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊට අමතරව සැකකාර කාන්තාවගේ අත්බෑගයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 149 මිලිග්‍රෑම් 150ක්ද සොයාගෙන ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.
සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකාර ගුරුවරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි දින 14 කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සැකකරුගෙන් කරනු ලබන ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
.













