අයිස් තොගයක් සමගින් සැකකරුවන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ඊයේ (03) දින අරිප්පු ප්‍රදේශයේ දී විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31යි මිලිග්‍රෑම් 400ක් පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකරගෙන තිබුණා.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් දෙලක්‍ෂ අනූ අටදහස් තුන්සීයක් (298,300) පමණ වෙතැයි අනුමාන කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් සහ 35 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එම සැකකරුවන් දෙදෙනා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇතුළුව නාවික හමුදා භාරයට ගත් යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.