අයිස් තොගයක් සමගින් සැකකරුවන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ඊයේ (03) දින අරිප්පු ප්‍රදේශයේ දී විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31යි මිලිග්‍රෑම් 400ක් පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකරගෙන තිබුණා.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් දෙලක්‍ෂ අනූ අටදහස් තුන්සීයක් (298,300) පමණ වෙතැයි අනුමාන කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් සහ 35 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එම සැකකරුවන් දෙදෙනා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇතුළුව නාවික හමුදා භාරයට ගත් යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57