අයිස් ගහන්න පුරාවස්තු විකුණන්න තැත් කළ අයෙක් අත්අඩංගුවට

පුරාවස්තු ස්ථානයකින් කැණීම් කර ලබාගත් රත්‍රං මිශ්‍රිත වටිනා ලෝහ කැටයක් විකිණීමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ගිරිබාව පොලිස් වසමේ සගබෝපුර, වරාවැව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී පුරාවස්තු කැණීම් කරන ස්ථානයකින් ලබාගත් බවට සැක කළ හැකි කිලෝග්‍රෑම් 05කට අධික බරකින් යුත් රත්‍රං මිශ්‍ර ලෝහ කැටයක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි වරාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිබාව පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38