අයිස් එක්ක ඇල්ලූ විශ්‍රාමික කමාන්ඩෝ සෙබළාගේ නිවසේ රට තුවක්කුවක්

කැළණිය පොලිස් වසමේ කොහොල්විල පාර ප්‍රදේශයේ දී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික කමාන්ඩෝ සෙබළෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු තාවකාලිකව පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීම සිදුකර ඇති අතර, එහි තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම අවියට යොදන ජීව උණ්ඩ 10ක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව යුධ හමුදා නිල ඇදුම් කට්ටල දෙකක් නිවසේ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.