අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියේ හිමිකරු බැහැරක ගොස් නැවත පැමිණ යතුරුපැදිය නවතා එහි යතුරු කටෙහි යතුර රඳවා තබා ගොස් තිබෙනවා

මෙහිදී නිවසේ සිටි දස හැවිරිදි කුඩා දරුවකු යතුරුපැදිය පණ ගැන්වීමට උත්සහ දරා ඇති අතර හදිසියේ පණ ගැන්වුණු යතුරුපැදිය ධාවනය වී ඔහුගේ ඉදිරියේ සිටි වයස අවුරුදු එකහමාරක් වන කුඩා නැගණිය අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක් වූ දැරිය වහාම චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද රෝහල් ගත කරන විටත් ඇය මිය ගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ කුඩා දරුවන් සිටින නිවෙස්වල රථවාහන නවතා යාමේදී මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන ලෙසයි.

රථවාහන නවතා තැබීමෙදී එහි යතුර ඉවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46