spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයියා, තාත්තා එක්ක කළ පහරදීමෙන් උපන් දිනය දා මල්ලි ජීවිතක්ෂයට (වීඩියෝ)

පෞද්ගලික ආරවුලක් මුල්කරගෙන තම පියා සහ වැඩිමහල් සහෝදරයා එක්වී කළ පහරදීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කනදරාදිවුල්වැව ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 25ක් පමණ වයසේ පසු වූ එක් දරු පියෙක්.

ඊයේ දිනට යෙදී තිබු මෙම තරුණයාගේ උපන්දිනය සැමරීම සඳහා මිතුරන් සමග පැවති සාදයකින් අනතුරුව ඔහු නිවසට පැමිණ තිබෙනවා.

එහිදී වැඩිමහල් සොහොයුරාත් පියාත් අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව මුගුරකින් පහර දී නිවස තුළදීම පියා සහ වැඩිමහල් සොහොයුරා එක්ව බාල සොහොයුරාව ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී 10.45 පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර මීට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේම මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මැදවච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
19
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?