අයියයි මල්ලියි එකම කාන්තාවක් එක්ක විවාහ වෙලා

සහෝදරයින් දෙදෙනෙක් එක් කාන්තාවක් සමඟ විවාහ වූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හිමාචල් ප්‍රදේශ් හි ෂිලායි ප්‍රදේශයේ මෙම විවාහය සිදුව ඇති බවයි.

මනාලයන් වන ප්‍රදීප් සහ කපිල්, සුනීතා චෞහාන් නැමැති කාන්තාවක් සමඟ මෙලෙස විවාහ වී ඇති අතර, ඔවුන් කිසිදු පීඩනයකින් තොරව මෙම තීරණ ගත් බවයි මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

පසුගිය ජූලි 12 වන දින ආරම්භ වී දින තුනක් පුරා සිර්මෞර් දිස්ත්‍රික්කයේ ට්‍රාන්ස්-ගිරි ප්‍රදේශයේ මෙම විවාහ මංගල උත්සවය පැවති බවයි තොරතුරු වාර්තා වුණේ.

කාන්තාව සමඟ විවාහ වූ එක් සහෝදරයෙක් රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරන අතර, එම කාන්තාව සමඟ විවාහ වූ ඔහුගේ බාල සහෝදරයා විදේශ රටක රැකියාවේ නියුතු අයෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා හිමාචල් ප්‍රදේශ්-උත්තරාඛාන්ද් දේශසීමාවේ සංවෘත ප්‍රජාවක්වන ‘හට්ටි’ නැමැති ගෝත්‍රයේ තරුණයින් වන අතර, එම ගෝත්‍රයේ මෙවැනි විවාහ සඳහා අවසර ලබා දී තිබෙනවා.

තරුණයින් දෙදෙනා සමඟ විවාහ වූ සුනීතා පැවසුවේ තමා සම්ප්‍රදාය ගැන දන්නා බවත් කිසිදු පීඩනයකින් තොරව තමන් මෙම තීරණය ගත් බවත්, ඔවුන් ඇති කරගත් බැඳීමට ගරු කරන බවයි.

මේ අතර හට්ටි ප්‍රජාවේ ප්‍රධාන ආයතනය වන කෙන්ද්‍රියා හට්ටි සමිතියේ ප්‍රධාන ලේකම් කුන්දන් සිං ශාස්ත්‍රි පැවසුවේ, මෙම සම්ප්‍රදාය වසර දහස් ගණනකට පෙර පවුලක කෘෂිකාර්මික භූමිය තවදුරටත් බෙදීමෙන් බේරාගැනීම සඳහා සොයා ගන්නා ලද්දක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14