spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණික තත්ත්වය නිසා දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

අද බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට තිබූ දුම්රිය මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බදුල්ලේ සිට කොළඹ දක්වා පැමිණීමට තිබූ දුම්රියක් සහ දහවල් 12.40ට කොළඹ කොටුවේ නානුඔය දක්වා ධාවනය වීමට තිබූ දුම්රියන් ද අවලංගු කෙරුණා.

සහ පේරාදෙණිය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා මතුවී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වන දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමාකර ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?