අයහපත් කාලගුණයෙන් 48821කට පීඩා

ප්‍රදේශ රැසකට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 12ක පුද්ගලයින් 48821 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද සහ හෙට දෙදින වසා තැබෙන අතර ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී තිබුණා.

ගාල්ල යක්කලමුල්ල ගොඩහේනකන්ද ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් නිවසක් දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි සඳහන්.

ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ජල මාපකයේ අද පෙරවරුවේ සටහන් වූයේ මීටර් 4.2ක් ලෙසටයි.

ජල මට්ටම ඉහළ යාමත් සමඟ බද්දේගම සිට අගලිය දක්වා මාර්ගයත්, දොඩංගොඩ දක්වා මාර්ගයත් ස්ථාන රැසකින් ජලයෙන් යට වී පවතිනවා. අධික වර්ෂාවත් සමඟ කිරම ඔය පිටාර ගැලීමෙන් පලතුඩුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී පවතිනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

කළු ගඟ තවමත් පිටාර මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ. අද පෙරවරුව වන විට කළු ගගේ ජල මට්ටම නාර්තුපාන ජල මාපකයේ සටහන් වූයේ මීටර් 9.9ක් ලෙසටයි.

නායයෑමේ අවදානමක් හේතුවෙන් අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ නිවාස 21ක ජීවත් වන පුද්ගලයන් 74දෙනෙකු ආරක්ෂිත ස්ථානයකට යොමු කර තිබෙනවා.

කදු පාමුලින් මඩවතුර ගලායාම හා කදු මුදුනේ විශාල ශබ්දයක් ඇසීමත් සමග මෙම පිරිස ආරක්ෂිත ස්ථානයක රැදවීමට ක්‍රියා කර තිබෙනවා.

බෙලිඅත්ත ගැටමාන්න බටහිර ග්‍රාම නිලධාරී වසමේ නිවාස දෙකකට පස් කදු කඩා වැටී තිබෙනවා. අධික වර්ෂාවත් සමග අදාළ නිවාස පිටුපස තිබූ පස් කදු කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ගාල්ල නාගොඩ මලාමුර මාපලගම හා නාගොඩ ආදී ප්‍රදේශවල තේ වගාවටද ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසේ වර්ෂාපතනය එලෙසින්ම පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, රත්නපුර, කොළඹ හා හම්බන්තොට යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපන හා මඩකලපුව යන දිස්ත්‍රික්වල පවුල් 12120කට අයත් පුද්ගලයන් 48821 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ඩෙංගු රෝගීන් වාර්තාවීම මේ දිනවල විශාල අඩුවක් පෙන්නුම් කළද වර්ෂාව අවසන් වීමත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය පිළිබද විශේෂ අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16