අයහපත් කාලගුණයෙන් 4,623 දෙනෙක් පීඩාවට – හානියට පත් රථ වාහනවලට වන්දි ලැබෙයි ද ?

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත්, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවී ජයන්ත සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් කඩා වැටීම් ඇතුළු ආපදාවන් වාර්තා වී ඇති බවයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා.

මේ අතර අද (31) දිනය තුළ දී ද ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවට දැනුම් දී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අතර කොළඹ නගයේ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල අයහපත් කාලගුණය හේතුවෙන් වාහනවලට සිදු වූ හානි සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අධ්‍යක්ෂ රවී ජයන්ත අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ අමාත්‍යවරයා සහ ලේකම්වරයා ගනු ලබන තීරණ අනුව ඉදිරියේ දී එම හානියට පත් රථ වාහනවලට ගෙවීම් කටයුතු සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38