අයහපත් කාලගුණයෙන් 178,312කට පීඩා (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 53,641ක පුද්ගලයින් 178,312ක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා.

අම්පාර, පොළොන්නරුව, මඩකලපුව දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් මේ වන විට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ජලයෙන් යටව තිබූ පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය අද උදෑසන 6ට බරවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණා.

‌ෙඒතිහාසික සෝමාවතිය පුදබිම තවදුරටත් ජලයෙන් යටව පැවතීම නිසා පූජා භූමියේ රැඳී සිටින විහාරවාසී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට අත්‍යවශ්‍ය ආහාර ලබාදීම ඊයේ සවස බෝට්ටු ආධාරයෙන් සිදුකෙරුණා.

මින්නේරිය වැව වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය, රොටවැව සහ රත්මලේ ගම්මානවල පිහිටි නිවාස 10ක් පමණ ජලයෙන් යටව‌ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් එම නිවාස වල පදිංචි ජනතාව දැඩි අසීරුතාවට ලක්ව සිටිනවා.

අයහපත් කාලගුණයෙන් මඩකලපුව ප්‍රදේශයටද දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 185,000ක පමණ භූමි ප්‍රමාණයක මෙවර වගාවන් සිදුකර තිබෙනවා. නමුත් මඩකලපුව දිස්ත්‍රික් සහාකාර කොමසාරිස් එන්. ජගනාදන් මහතා පැවසුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගා කළ ඉඩම් අක්කර 50,000කට අධික භූමි ප්‍රමාණයක් මේ වන විට ජලයෙන් යටව පවතින බවයි.

මේ අතර අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ලව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි. අම්පාර – කොණ්ඩුවටුවාන ජලාශය වාන් දැමීමෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 200ක් පමණ සම්පූර්ණයෙන් ජලයෙන් යටව ගොස් තිබෙනවා. ගල්ඔය පිටාර ගැලීමෙන් උක් වගාකර ඇති අක්කර 2000ක් පමණ ජලයෙන් යටව ගොස් තිබෙනවා.

දින කිහිපයක් ජලයෙන් යටව තිබූ දීගවාපී රජමහා විහාරයේ ජල මට්ටමද මේ වන විට ක්‍රමයෙන් බැස යන ආකාරයක් දක්නට ලැබෙනවා.

අනුරාධපුර ජල පෝෂිත ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට නාච්චදූව ජලාශයේ වාන් දොරටු 6ම අඩි 5 බැගින් විවෘත කර ඇති අතර තත්ත්පරයට ගන අඩි 50,000ක ජල ධාරිතාවක් මල්වතු ඔයට නිදහස් කරන බව නාච්චදූව ජලාශභාර ඉංජිනේරුවරයා පවසනවා.

මේ හේතුවෙන් මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම පහත් බිම් ප්‍රදේශයේ ජනතාවට අවදානයෙන් සිටිනැන්යා වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම් දෙනවා.

මේ අතර අද දිනයේදීත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක ස්වල්ප වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42