අයහපත් කාලගුණයෙන් වගාබිම් අක්කර ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකට හානි

දිවයිනට බලපෑ තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් ගොවිබිම් අක්කර 375,000ක් පමණ ජලයෙන් යට වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.

එලෙස ජලයෙන් යට වූ ගොවිබිම්වල ජලය බැසයාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් සිදුව ඇති වගා හානි වෙනුවෙන් වන්දි පිරි නැමීම ඉදිරියේ දී සිදුකරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ, අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි,ලොකු ලූනු සහ මිරිස් වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පූර්ණ හානි වූ වගාවන්ගේ අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22