අයහපත් කාලගුණයෙන් මාර්ග රැසක ගමනා ගමනයට බාධා

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දම්බරාව ඔයේ ජල මට්ට්ටම ඉහළයාම නිසා මහියංගන 20 කණුව සිට රෝහණ හන්දිය දක්වා දිවෙන අතුරු මාර්ගයේ පාලමක් ඊයේ (01) රාත්‍රියේ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

එමෙන්ම උල්හිටිය සහ තෙල්දෙණියාය යන ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් තවමත් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර උකුවෙල – පනන්තඩිය – බණ්ඩාරපොළ මාර්ගයට පස් සහ ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම කොහොලන්වල – පල්ලෙපොල මාර්ගයට ද පස් සහ ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව සඳහන්.

ලග්ගල – කිවුලවාඩිය ග්‍රාම නිලධාරී වසමේ එම ගම්මානයට යන එකම මාර්ගය වන කිවුලවාඩිය මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

ලග්ගල – රිවර්ස්ටර්න් මාර්ගයයේ කළු ගඟ විව් පොයින්ට් අසලින් පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ද ඇණහිට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මාතලේ – වටගොඩ මාර්ගයට ද පස් කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

එමෙන්ම මහාවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය තවදුරටහ් ගංවතුරෙන් යට වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (01) දිනයේ බර වාහන සදහා මාර්ගය විවෘත වූව ද අද (02) දිනයේ එම මාර්ගයේ ජල මට්ටම වැඩිවීම මත නැවතත් එම මාර්ගය සියළු රථ වාහන ධාවනය අහිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

පොළොන්නරුව – මඩකලපුව මාර්ගය ගල්ලෑල්ල හා මනම්පිටිය අතර ප්‍රදේශයෙන් මේ වන විට අඩි 3 1/2කින් පමණ ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

මේ හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු විශේෂ දුම්රියක් යොදාගනිමින් සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41