අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 20,300ක් පීඩාවට – මරණ දෙකකුත් වාර්තා වෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 6,785ක පුද්ගලයින් 20,300ක් පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගල මරණ දෙකක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.

ඉන් එක් මරණයක් පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයෙන් සහ අනෙක් මරණය බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 22ක පුද්ගලයින් 1,165ක් රඳවා ඇති අතර, එම පුද්ගලයින් වෙනුවෙන් සියලු සහන වැඩපිළිවල ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර වර්ෂාවත් සමඟ බලපෑ ගංවතුර හේතුවෙන් මාර්ග රැසක් ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ඒ, අනුව මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර කොටස මේ වන විට ජලයෙන් යටව ඇති අතර, පොළොන්නරුව – සෝමාවතිය මාර්ගයේ 36 කණුව ප්‍රදේශයෙන් ජලයෙන් යටව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පදවිය – පරාක්‍රමපුර මාර්ගයේ සපත්තු පාලම ප්‍රදේශයේ ද ජලයෙන් යටව ඇති අතර, බදුල්ල දිස්ත්‍රිකයේ රත්කිඳ – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ද ජලයෙන් යටව තිබෙනවා.

මීට අමතරව පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බවයි අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

එමෙන්ම පස්කඳු කඩාවැටීම හේතුවෙන් ද මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් කළ ඔහු මහනුවර දිස්ත්‍රිකයේ මහියංගනය – A 26 මාර්ගයේ කහටගොල්ල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්ඩි සහ ගස් කඩාවැටීම හේතුවෙන් රාත්‍රී කාලයේ එම මාර්ගය වසා තබන බවයි පැවසුවේ.

මේ අතර මල්වතු ඔය ද්‍රෝණිය, මහවැලි ගඟ ද්‍රෝණිය සහ ගල් ඔය, කලා ඔය, දැදුරු ඔය යන ද්‍රෝණිවලටත් ගංවතුර නිවේදන නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30