අයවැය කාරක සභා විවාදයේ දෙවැනි දිනය ඇරඹෙයි

අයවැය කාරක සභා විවාදයේ දෙවැනි දිනය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී යි.

අද දිනයේ දී මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් විවාදයට ගනු ඇති.

අද පෙරවරු 9.30ටයි විවාදය ආරම්භ වූයේ.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

අයවැය කාරක සභා විවාදය ඊයේ දිනයේ දී ආරම්භ වූ අතර, එහිදී ජනාධිපතිවරයාගේ සහ අගමැති කාර්‍යාලයේ වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබුවා.

ඊයේ පස්වරුව වන විට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිත ව සම්මත වුණා.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත වීමට ඊට ඡන්දයක් අවශ්‍ය බවටයි විපක්ෂයේ සාමාජික අනුර කුමාර දිසානායක පැවසුවේ.

ඒ අනුව ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, එහිදී පක්ෂ ව ඡන්ද 62ක් ලැබුණු අතර; විපක්ෂ ව ලැබුණේ ඡන්ද 03ක් පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46