spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයවැය කාරක සභා විවාදයේ දෙවැනි දිනය ඇරඹෙයි

අයවැය කාරක සභා විවාදයේ දෙවැනි දිනය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී යි.

අද දිනයේ දී මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් විවාදයට ගනු ඇති.

අද පෙරවරු 9.30ටයි විවාදය ආරම්භ වූයේ.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

අයවැය කාරක සභා විවාදය ඊයේ දිනයේ දී ආරම්භ වූ අතර, එහිදී ජනාධිපතිවරයාගේ සහ අගමැති කාර්‍යාලයේ වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබුවා.

ඊයේ පස්වරුව වන විට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිත ව සම්මත වුණා.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත වීමට ඊට ඡන්දයක් අවශ්‍ය බවටයි විපක්ෂයේ සාමාජික අනුර කුමාර දිසානායක පැවසුවේ.

ඒ අනුව ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, එහිදී පක්ෂ ව ඡන්ද 62ක් ලැබුණු අතර; විපක්ෂ ව ලැබුණේ ඡන්ද 03ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?