spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම අධිවේගී මාර්ගය චීන සහායෙන් ගොඩයන හැටි අයවැයෙන් කියයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ චීනය සමග එක් ව ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසනවා.

ඇයවැය ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මූලික කටයුතු සඳහා ද ප්‍රවාහන සංවර්ධනය යටතේ රුපියල් බිලියන 02ක් වෙන් කෙරෙනු ඇති.

ඊට අමතර ව බස්නාහිර පළාතේ විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ ව්‍යාපෘතියක් ද ඇරඹීමට යෝජනාවක් ඉදිරිපත් වුණා.

මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදිකිරීමට හැකියාව තිබේ දැයි සලකා බලන බවයි ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ.

පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහා නගර ආශ්‍රිත ව දුම්රිය ස්ථාන නගර ඉදිකිරීමට දෙස් – විදෙස් ආයෝජන කැඳවීමට යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?