අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු එළෙඹෙන ජූලි මාසයේ

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ජූලි 04 වනදා ආරම්භ වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

ටෙහෙරාන් නුවරින් ආරම්භවන මෙම අවසන් කටයුතු ඔහුගේ උපන්ගම මෙන්ම ඊසානදිග ශුද්ධ වූ නගරයක් ද වන මෂාද් හිදී ජූලි 09 වෙනිදා භූමදාන කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය පෙබරවාරි 28 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ල වූ අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කළ පළමු ගුවන් ප්‍රහාර මාලාවේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වුණා.

ඝාතනයට ලක්වන විට අයතුල්ලා අලි කමේනි 86 හැවිරිදි වියේ පසුවුණා.

ඉස්ලාමීය නීතියට අනුව මියගිය අයෙකුගේ දේහය, එම පුද්ගලයා පැය 24ක් ඇතුළත භූමදාන කළ යුතු වුවද, යුදමය වාතාවරණයක් වැනි සුවිශේෂී අවස්ථාවල දී එය කල් දැමීම් සඳහා අවසර ලැබෙන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46