අයගමදී රියදුරාට පහරදී මෝටර් රථයක් කොල්ලකයි

අයගම බෝගහ වංගුව ප්‍රදේශයේදී මෝට් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (05_ රාත්‍රී කාලයේ බෝගහ වංගුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිහි මද ගතියෙන් මාර්ගයේ වැටී සිටින බවට අයගම පොලිසියට ලැබුණු පණිවුඩයකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා අයගම රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද හෙළිවී තිබෙනවා.

පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා කුලී ගමන් රථයක රියදුරෙකු වශයෙන් රැකියාව සිදුකරන බවයි.

අදාළ කුලී ගමන් ආයතනයෙන් කළ දැනුම්දීමකට අනුව කඩවත ප්‍රදේශයේදී කුලී ගමනක් යාම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර ඔහු මෙම ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.

ගමන අතර රියදුරාට එම පුද්ගලයන් දෙදෙනා යෝගට් පානයක් ද බීමට ලබා දී ඇති අතර රියදුරා එය පානය නොකිරීම හේතුවෙන් බලහත්කාරයෙන් පානය කිරීමට සලස්වා ඇති බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

අනතුරුව බෝගහ වංගුව ප්‍රදේශයේදී මෝටර් රථයේ පැමිණි දෙදෙනා විසින් රියදුරාට අවියක් පෙන්වා පහරදී මාර්ගයේ ඇද දමා මෝටර් රථය රියදුරා සතුව තිබූ ජංගම දුරකථන දෙකක් සහ මුදල් පසුම්බිය ද රැගෙන පළාගොස් තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01