spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයගමදී රියදුරාට පහරදී මෝටර් රථයක් කොල්ලකයි

අයගම බෝගහ වංගුව ප්‍රදේශයේදී මෝට් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (05_ රාත්‍රී කාලයේ බෝගහ වංගුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිහි මද ගතියෙන් මාර්ගයේ වැටී සිටින බවට අයගම පොලිසියට ලැබුණු පණිවුඩයකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා අයගම රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ද හෙළිවී තිබෙනවා.

පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයා කුලී ගමන් රථයක රියදුරෙකු වශයෙන් රැකියාව සිදුකරන බවයි.

අදාළ කුලී ගමන් ආයතනයෙන් කළ දැනුම්දීමකට අනුව කඩවත ප්‍රදේශයේදී කුලී ගමනක් යාම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර ඔහු මෙම ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.

ගමන අතර රියදුරාට එම පුද්ගලයන් දෙදෙනා යෝගට් පානයක් ද බීමට ලබා දී ඇති අතර රියදුරා එය පානය නොකිරීම හේතුවෙන් බලහත්කාරයෙන් පානය කිරීමට සලස්වා ඇති බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

අනතුරුව බෝගහ වංගුව ප්‍රදේශයේදී මෝටර් රථයේ පැමිණි දෙදෙනා විසින් රියදුරාට අවියක් පෙන්වා පහරදී මාර්ගයේ ඇද දමා මෝටර් රථය රියදුරා සතුව තිබූ ජංගම දුරකථන දෙකක් සහ මුදල් පසුම්බිය ද රැගෙන පළාගොස් තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?