අඹුසැමි යුවළක් එක්ව වසර ගණනාවක සිට තරුණියකට පහර දී මුදල් කොල්ලකාලා

වසර ගණනාවක සිට තරුණියකට වරින් වර පහර දී ඇයගෙන් කප්පම් ලබාගත් පුද්ගලික පාසල් බස් රථ හිමිකරුවෙක් සහ ඔහුගේ බිරිඳට, එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැඟින් වූ ශරීර ඇපයක් මත නිදහස් කිරීමට ගම්පොළ වැඩ බලන මහේත්‍රාත්වරිය අද (19) නියම කළා.

මෙලෙස ඇප නියම වුණේ ගම්පොළ, උඩහේන්තැන්න ගැමුණු පුර ප්‍රදේශයේ පදිංචි චන්දිමා තුෂාරි හේන්දෙනිය සහ සුදර්ශන වීරවංශ යන යුවළකටයි.

උඩහෙන්තැන්න, මැදගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකගේ පියා විසින් ගම්පොළ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අද (19) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

පසුගිය දිනක මෙම අඹුසැමි යුවළ විසින් අදාළ තරුණියෙන් රුපියල් පනස්දහසක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ගම්පොළ නගරයේ දී ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ තරුණිය ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ මුහුණ ඇතුළු ශරීරයේ බොහෝ ස්ථානවලට තුවාල සිදුව තිබුණා.

මෙම තරුණිය එකළ ගම්පොළ ප්‍රදේශයේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබා ඇති අතර, ඇය එම පාසල වෙත පැමිණ තිබුණේ අදාළ යුවළගේ පාසල් බස් රථයෙන්.

තරුණියගේ පියා එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන අතර, පාසල් යන කාලයේ සිට අදාළ අඹුසැමි යුවළ එම තරුණිය බියගන්වා මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර යුවළ විසින් එම කාලයේ සිට මේ දක්වා අදාළ තරුණියගෙන් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

තම පියා විසින් ලබාදුන් මුදල්, රැකියාවෙන් උපයා ගන්නා මුදල්, බැංකු ගිණුමේ තිබූ මුදල් සහ රන් මාලයක් අලෙවි කර ලබාගත් මුදල් මෙලෙස වරින් වර සැකකාර යුවළට තරුණිය විසින් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

අධිකරණය නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මීළඟ නඩු විභාගය ජූලි මස 10 වන දින කැඳවීමටයි.

මේ අතර මෙම සිද්ධියට මුහුණ පෑ තරුණිය මානසික පීඩාවට සහ බියට පත්ව රැකියා ස්ථානය වෙත යාමට පවා නොහැකිව නිවසට වී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13